තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවේ 2001.


තොරතුරු දැන ගැනීමේ පනත 2001 එක්සත් ජාතීක පක්ෂ ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා තමයි සමාජයට ඉදිරිපත් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ගංවතුර නිසා දේපල හානි වූ ජනතාවට රු.10000 බැගින් වන්දි ලබා දීමේ වැඩසටහනේ දෙවැනි අදියරේදී පැවසීය.

එහිදී  මන්ත්‍රීවරයා දැක්වූ අදහස් සම්පුර්ණයෙන් පහතින්,

"දැනුවත් පුද්ගලයින් සිටින රටක ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිවැරදි ලෙස ස්ථාපිත වෙනවා. ඒ නිසා ජනතාවට රාජ්‍ය ආයතන වලින් රජයේ නිලධාරින්ගෙන් තමන්ට රජයේ කෙරෙන දේවල් ගැන තොරතුරු දැන ගැනීමේ අයිතියක් තියෙනවා. නමුත් පසුගිය අවුරුදු 10 ක කාලේ මෙම පනත සම්මත වුනේ නෑ. මෙම පනත සම්මත නොවුන නිසා තමයි වරායේ සිට ගුවන් තොටුපල ,අධිවේගී මාර්ගය සිට ගමේ පාර ගමේ බොක්කුව ඉදලා හොරකම් කරපු විදිහ ජනතාවට දැන ගන්න පුලුවන් වුනේ නැත්තේ. දැන් මේ පනත සම්මත වුනා ඒ නිසා අද ඉදලා අපේ රටේ ඕනෑම පුරවැසියෙක්ට පුලුවන් තමන්ගේ ගමේ පාර හදන්න කීයක් වියදම් වුනාද, බෝක්කුව හදන්න කීයක් වියදම් වුනා ද කී දෙනෙක් ටෙන්ඩර් එකට දැම්ම ද යන තොරතුරු දැන ගන්න පුලුවන් , මේ නිසා රජයේ ඕනෑම ව්‍යාපෘතියක තොරතුරු ලබා ගැනීමේ හැකියාව ජනතාවට තියෙනවා. මේ නිසා ඔලමොට්ටල සමාජයක් නිර්මාණය කරන්නේ නැතිව දැනුමෙන් පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ළමයි වඩා ගෙන පිටට තට්ටුවක් දාලා හොරකම් කරන එක ප්‍රජාත්‍රන්ත්‍රවාදය නෙමෙයි.

එමෙන්ම එතුමා තවදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී. මේ ළගදී බ්‍රිතාන්‍යයේ තිබුණා ජනමත විචාරණයක්. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය   ඉවත් විය යුතු ද නැද්ද කියලා. එතකොට එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේව්ඩ් කැමරන් නියොජනය කළ මතය තමයි යුරෝපා සංගමය තුළ තවදුරටත් සිටිය යුතුයි කියන එක. හැබැයි මහා බ්‍රිතාන්‍යයේ බහුතරයක් ජනතාව එතුමාගේ මතය පරාජයට පත් කළා. ඒ නිසා එතුමා ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරනා මහජන නියෝජිතයෙක් විදිහට පීළිගත්තා මැතිවරණයකින් තමන් පරාජයට පත් නොවුනත් තමන් නියෝජනය කරන මතය තම රටේ ජනතාව තමන්ගේ මතය පරාජයට පත් කරපු නිසා තවදුරටත් මේ රටේ ජනමතයක් නෑ ඒ නිසා ජනමතයට ගරු කරලා තමන් තනතුරෙන් ඉවත් වෙනවා කියලා කියන්න තරම් එතුමා නිහතමානී වුනා. දැන් අපේ රටේ නම් තමන් නියෝජනය කරන මතයත් පරාජයට පත් කරලා, තමන්වත් පරාජයට පත් කරලා , දෙවැනි පාර අගමැතිකමට ඉල්ලලා එකෙනුත් පරාජයට පත් කරලා. ආයිත් තුන්වෙනි පාර මැයි රැලියෙනුත් පරාජයට පත් කරලාට පස්සේ කියනවා අප්පච්චීත් එක්ක නැගිටිමු කියලා. එංගලන්තයේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරන විදිහ මේකයි. මෙහේ ප්‍රජාතන්ත්‍රවාදයට විනාශ කරන විදිහ මේකයි. දැන් ලෝකයේ  සමාජය වෙනස්, තාක්ෂණය දියුණුයි. මිනිසුන්ට තොරතුරු හංගන්න බෑ. ගමේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම වෙන්නේ මොනවද කියලා මිනිස්සු දන්නවා. ඒ නිසා ජනමතයට ගරු කරන්න හැම දේශපාලඥයාම ඉගෙන ගන්න අවශ්‍යයයි කියන එක අපි විශ්වාස කරනවා."

Share on Google Plus