රවී කෝටි 200ක් ඉල්ලයි.


රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා මුදල් ඇමැති රවි කරුණානායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා වෙත එන්තරවාසියක් යවා තිබේ.

සිය කීර්ති නාමයට හානි වන ආකාරයෙන් ද්වේෂසහගත ප්‍රකාශයක් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකින් සිදු කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාට එන්තරවාසි යවා තිබේ.

ඉකුත් ජූනි මස 7 වැනිදා සිරස රූපවාහිනී නාලිකාවේ ‘සටන’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමින් සිය නම සඳහන් කරමින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයෙන්, රටේ මුදල් අමාත්‍යවරයා ලෙස, වෘත්තීයවේදියකු ලෙස, දේශපාලනඥයකු ලෙස මෙන්ම පුරවැසියකු ලෙස තමාගේ කීර්තිනාමයට හානි සිදුවූ බව රවී කරුණානායක මහතා යැවූ එම එන්තරවාසියේ සඳහන් වෙයි.

දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවා දැමීමට අපොහොසත් වන්නේ නම් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදු වන බව එම එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share on Google Plus