ගම්මන්පිලට වසර 05 ක සිරදඬුවමක්?


කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා වරදකරු වුවහොත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව ඔහුට වසර 5 ක සිරදඬුවමක් නියම වන බව නීතිවේදීන් පවසනවා.

නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකුට පාඩු සිදු කිරීමේ අරමුණින් වංචනික චේතනාවකින් යුක්තව කූඨ ලේඛණ සකස් කර ඇති බව ඔප්පු වුවහොත් එම අදාළ දඬුවම නියම කෙරෙන බවයි.

අසත්‍ය ලේඛණයක් යනු සම්පූර්ණ ලේඛණය වෙනස් කිරීම පමණක් නොව ලේඛණයක කොටසක් වෙනස් කිරීම, අත්සනක් යෙදීම, වෙනස් කිරීමක් සිදු කිරීම, වැනි සිදුවීම්ද මෙරට නීතිය යටතේ අසත්‍ය ලේඛණ සකස් කිරීම යටතට ගැනෙන බවයි හෙතෙම සඳහන් කළේ.

කූඨ ලේඛණයක් සකස් කර ඒ හරහා කිසියම් වංචාකාරී කි‍්‍රයාවක් සිදුකර ඇත්නම් දඬුවම තවත් වැඩි වියහැකි බවද නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළා. මේ යටතේ අදාළ පුද්ගලයාට වසර 5 ක සිරදඬුවමක් නියම කිරීම බරපතල වැඩ සහිතව හෝ නොමැතිව සිදු විය හැකි බවත් දඬුවමක් නැතිනම් දඩයකින් හෝ ඒ ක්‍රම දෙකෙන්ම දඬුවම් පැමිණවිය හැකි බවත් පැවසුවා.

කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා ලබන මස පළමු වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

Share on Google Plus