ලංකාවේ කංසා වගාකර රට යවන්න සැරසෙයි.


ශ්‍රී ලංකාවේ කංසා වගා කර බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇති බව  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ කංසා වගාකර අපනයනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.                      

ශී‍්‍ර ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිිටියා. පසුගිය කාලයේ ආයුර්වේද නිෂ්පාදනය සඳහා අබිං හිගයක් පැවති බවත් ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත් බවත් රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා.      

Share on Google Plus