රාජගිරිය ගුවන් පාලමේ වැඩ ජූලි මාසයේ දී ඇරඹෙයි. VIDEO


මහනගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩුකිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය හරහා බත්තරමුල්ලේ සිට නොළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පවතින තත්ත්වයට වඩා 50% කින් පමණ අඩුකිරීමට හැකිවනු ඇති බවයි.

ස්පාඤ්ඤ රජයෙන් ලැබෙන සහන ණයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2018 ජනවාරි මාසයේ දී අවසන් කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටී.

පහත දැක්වෙන්නේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ සැකසුණු වීඩියෝ වාර්තාවකි.



Share on Google Plus