ලංකාවට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවයි.


වාහන ආනයනය මාස කිහිපයක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

මේ නිසා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේනම් ඒ සඳහා කඩිනම් වන ලෙසයි කොළඹ දී අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.
  
එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේ පවතින අස්ථාවර තත්ත්වයට හේතුව ශ‍්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ජපන් යෙන් අගය වැඩිවීම බවයි. 

කෙසේවෙතත් ඉකුත් දෙවනදා සිට ක‍්‍රියාත්මක වැට් සංශෝධනය වාහන මිල කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවයි සම්පත් මෙරින්චිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ. 



Powered by Blogger.