VAT නිසා Phone බිල වැඩිවෙන හැටි හරියටම මෙන්න.


වැට්, ජාතිය ගොඩනැගීමේ සහ දුරකතන බද්ද නිසා ජංගම දුරකතන ගාස්තු අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තම විරෝධතාව පවා පලකරනු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එවැනි විරෝධතාවන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා.

මේ බදු එකතුවීම තුලින් සාමාන්‍ය දුරකතන ගාස්තුවට 46%ක අමතර ගාස්තුවක් එකතු වනවා. වර්තමානයේ වෙළඳපොල තුල පවතින එකිනෙකට වෙනස් දුරකතන ගාස්තු වලට අනුව නව බදු නිසා දුරකතන ගාස්තු දල වශයෙන් මෙසේ වනු ඇති.

පෙබරවාරි 01දාට පෙර ලබාගත් සබඳතා සඳහා එකම ජාලය සඳහා අයකරුනු ලැබූවේ විනාඩියකට රුපියලකි. ඊට සියයට 25ක පමණ බද්ධක් අයකළ අතර ඒ අනුව විනාඩියකට අයකළ මුදල රුපියල් 1.25ක් පමණ විය. වෙනත් ජාල සඳහා විනාඩියකට රුපියල් 2ක් අය කළ අතර, බදු සමග විනාඩියකට රුපියල් 2.50 ක් පමණ විය.

බදු සංශෝධනයෙන් සිදුව ඇත්තේ 25% පමණ තිබූ බදු 46% දක්වා ඉහළ යාමය.

බදු සංශෝධනයට පෙර (බදු සමග) විනාඩියකට රුපියල් 1.25ක් ගෙවූ ගාස්තුව වෙනුවට දැන් ගෙවීමට සිදුවන්නේ රුපියල් 1.46කි. විනාඩියකට රුපියල් 2.50ක් ගෙවු පාරිභෝගිකයින්ට දැන් රුපියල් 2.92ක් ගෙවීමට සිදුවනු ඇත.   

පෙබරවාරි 01දායින් පසු ලබාගත් සබඳතා සඳහා සියළුම ජාල සඳහා විනාඩියකට අයකරන ගාස්තුව රුපියල් 1.50කි. බදු බැඩි කිරීමට පෙර විනාඩියක් සඳහා එම සබඳතා හිමියන්ගෙන් විනාඩියකට රුපියල් 1.88ක් පමණ අයකළ අතර නව බදු සංශෝධනයෙන් පසු විනාඩියකට රුපියල් 2.19ක් ගෙවීමට සිදුවනු ඇත.  

Share on Google Plus