මහින්ද ගිය ඒකාධිපති උගන්ඩාව නොසන්සුන් - ෆේස් බුක්, ට්විටර් නවතී.


උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරී මුසවේනි දිවුරුම් දී ජනතාව අතරට පැමිණීමට නොබෝ වෙලාවකට පෙර එරට නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. 

ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ප‍්‍රතික්‍ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්‍රාහකයා සිය නායකයා වන කීසා බෙසීගේ බවට ප‍්‍රකාශ කිරීම ඊට හේතුවයි. 

එ් අනුව  උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කීසා බෙසීගේ ද දිවුරුම්දීම සඳහා විපක්ෂය විකල්ප උත්සවයක් සංවිධාන කර තිබුණා. 

රටපුරා උද්ඝෝෂණද පැවති බවයි විදෙස් වාර්තා පවසන්නේ. උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ භට පිරිස් යොදවා තිබෙනවා. 

මේ අතර විකල්ප දිවුරුම්දීම අතරවාරයේ විපක්ෂයේ නායකයා වන කීසා බෙසීගේ අත්අඩංගුවට ගැනුනු බවයි ඔහුගේ බිරිඳ ප‍්‍රකාශ කර තිබෙන්නේ. 

ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිද අත්හිටුවීමට උගන්ඩාවේ බලධාරීන් මේ වන විට පියවර තිබෙනවා. 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එරට සංචාරයක නිරතවනවා.


Share on Google Plus