විනිසුරුගේ අලියා වෙනුවෙන් කූඨ ලේඛන හැදූ දෙන්නාටත් ඇප.


කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව සිටි අලි පැටියාගේ තොරතුරු ව්‍යාජ ලෙස සැකසීමේ සිද්ධියකට සම්බන්ධ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පැස්කුවල් හා එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක වූ ප්‍රියංකා සංජීවනී යන දෙදෙනාට රුපියල් 2,500 බැගින්වූ මුදල් ඇප හා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (24) නියෝග කර තිබේ. 

ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කර ඇත.

Share on Google Plus