සේරුවිල නාහිමි ආදාහනයටත් පෙර කිරිබත්ගොඩ හිමිගෙන් පන්සලට අයිතිවාසිකම්.


සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ සේරුවිල සරණකිත්ති නාහිමියෝ ඊයේ (02) අපවත් වූහ. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. උන්වහන්සේ ත්‍රිකුණාමලය ජයසුමනාරාමය හා මුතූර් උතුරුගිරි විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති හිමියන් ලෙසද කටයුතු කළේය.

උන්වහන්සේගේ දේහය පිළිබඳව ආදාහන පූජෝත්ස්වය සම්බන්ධයෙන් තීරණයක් පවා තවමත් ගෙන නොතිබියදී මංගල රජමහා විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. මේ වනවිට අදාල විහාරස්ථානයට පාර්ශ්ව දෙකක් අයිතිවාසිකම් කියන අතර එක් පාර්ශ්වයක් වන්නේ තමන් මාර්ගඵලලාභී භික්ෂුවක් බව ප්‍රකාශ කරන කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේය. අනෙක් පාර්ශ්වය වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේය.

සේරුවිල නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් මතුවූ අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ණයක් පැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ද ඊයේ නිකුත් කළේය. නාහිමියන්ගේ දේහය බාරදීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පැනනැගුණු අතර අවසානයේ අධිකරණය තීරණය කළේ උන්වහන්සේගේ බාල සහෝදරයාට දේහය බාරදීමටයි.

නාහිමියන්ගේ අපවත්වීමත් සමගින් මංගල රජමහා විහාරය ඇතුළු විහාරස්ථානවල අයිතිය සම්බන්ධයෙන් සීතල යුද්ධයක් පවතී. කෙසේ වෙතත් එය එළිපිටට පැමිණ නොමැති අතර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජොත්සවයෙන් පසු එය එළිපිට සටනක් බවට පත්වීමට ඉඩ තිබේ.

මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාර්තෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් නාහිමියන්ගේ ආදාහන කටයුතු පසෙක දමා විහාරස්ථානයේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් මේ දිනවල ලහි ලහියේ කටයුතු කරන බව වාර්තා වේ. උන්වහන්සේ අද දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳ සෙයා බලා තිබෙන බවයි වාර්තා වන්නේ. 

Share on Google Plus