තිස්ස අත්තනායකගෙන් තවම තීරණයක් නෑ.


දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ ජයලත් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී වසර 03ක් ගතවීම නිමිත්තෙන් වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ දිනවල තමා දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ඔහු පැවසීය.

Share on Google Plus