සජින්ගේ නඩුව බඩු නැතුව කල්යයි. - Info Sri Lanka News | Sinhala

සජින්ගේ නඩුව බඩු නැතුව කල්යයි.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටියදී වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ නිසි පරිදි ජනාධිපති කාර්යාලයට ලබා නොදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුව අද (11) දිනයේ ද කැඳවනු ලැබුවා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේදීයි.

මෙම නඩුවට අදාළ ලේඛන මෙතෙක් තමන් වෙත පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් නඩු විභාගය සිදුකිරීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසටයි සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අදාළ නඩුව සැප්තැම්බර් මස 15 වෙනිදාට කල් තැබුණා. 

Share on Google Plus