සජින් වාස්ට මරණ තර්ජන.


ගාල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා බළපිටිය ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක සජින් වාස් ගුණවර්ධන මහතාට ගාල්ලේ ශ‍්‍රීලනිප රැුලියට නොයන ලෙස කාන්තාවක් විසින් ජංගම දුරකථනයෙන් මරණීය තර්ජනය කර ඇති බව අම්බලන්ගොඩ ‍පොලිසිය සඳහන් කරයි.

පෙරේදා (30) පස්වරු 6.15ට පමණ මෙම කාන්තාව හිටපු මන්ත‍්‍රීවරයාට තර්ජනය කර තිබේ. ඇය සජින් වාස් ගුණවර්ධන මහතාගේ ජංගම දුරකථනයට පෙරේදා පස්වරුවේ කතා කොට සජින් වාස් මන්ත‍්‍රීවරයාද කියා අසා තිබේ. 

පසුව ඇය ගාල්ලේ ශ‍්‍රීලනිප රැුලියට යන්න එපා. ගියොත් මරා දමන බවට හිටපු මන්ත‍්‍රීවරයාට තර්ජනය කොට තිබේ. පසුව මේ පිළිබඳ සජින් වාස් ගුණවර්ධන මහතා විසින් අම්බලන්ගොඩ ‍පොලිසියට පැමිණිලි කර ඇති අතර ‍පොලිසිය හිටපු මන්ත‍්‍රීවරයාගෙන් කට උත්තරයක්ද ලබාගෙන තිබේ.

ජංගම දුරකථනයෙන් තර්ජනය කළ කාන්තාව අම්බලන්ගොඩ රන්දොඹේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවට ‍පොලිසිය විසින් හඳුනාගෙන ඇත. ඇය තම නිවස වසා දමා පලා ගොස් ඇති බව ‍පොලිසිය කියයි.

Share on Google Plus