කැලණියේ කෙනා පාර්ලිමේන්තුවත් ප්‍රා සභාවක් කරගෙන.


පාර්ලිමේන්තුව තුළදී ඊයේ (03දා) සිදුවූ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.

අද (04දා)සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙ බව කී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කැලණියේ ප්‍රාදේශිය සභාව නියෝජනය කර පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේද ප්‍රා‘දේශීය සභාව තුළ හැසිරෙන ආකාරයට බවයි.

පාර්ලිමේන්තුව තුළ සිදු වූ සිදුවීමට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් වැරදිකරුවන් නම් ඔවුන්ටද දඬුවම් ලබාදිය යුතු බවත්, මීට පෙරත් කැලණියෙන් පැමිණි පුද්ගලයෙකු මේ ආකාරයට හැසිරී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

Powered by Blogger.