ශ්‍රීලනිපයෙන් අස්කළ අය අපේ ශ්‍රීලනිපයට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගියදා ඉවත් කළ ආසන සංවිධායකයින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ලෙස පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස ශ්‍රීලනිප හිරියාල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ සාලින්ද දිසානායක මහතා අපේ ශ්‍රීලනිපයේ හිරියාල ආසන සංවිධායක ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු එසේ පත්කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී බව පැවසෙන අතර ඊට ශ්‍රීලනිප ආසන බල මණ්ඩල සාමාජිකයන් එක්ව ඇති බවද වාර්තා වේ.

මිනුවන්ගොඩ ආසනයෙන් ඉවත් කර ඇති ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද බෙන්තර ඇල්පිටියෙන් ඉවත් කළ ගීතා කුමාරසිංහ මහත්මිය ද අපේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිත බව පැවසේ.

Share on Google Plus