දුම්වැටි සමාගම් ජනපති රටවලා?


දුම්වැටි සමාගම් විසින් ඉතා සූක්ෂම ලෙස තැන්වැනි පාර්ශ්වයක් හරහා සංවිධානය කළ උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන ගොස් තිබූ බව දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අද (30දා) පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ලංකාවේ පනත අනුව දුම්කොළ සමාගම්වලට ප්‍රචාරයක් කරන්න බැහැ. නමුත් ඔවුන් උත්සව සංවිධානය කරනවා. එතනදී දුම්කොළ ගැන කතා කරනවා. ඒකකට ජනාධිපතිතුමාත් නොදැන සහභාගී වෙලා තිබුණා. එයට ආරාධනා කළේ තුන්වැනි පාර්ශ්වයක් වුවත් පිටුපස හිටියේ දුම්කොළ සමාගම්. ඒක නිතරම වෙනවා" යැයි පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැයි 31 දිනට සමරන ලෝක දුම්කොළ නිවාරණ දිනය පිළිබඳ දැනුම්වත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

Share on Google Plus