අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට.


දකුණු කොරියාවේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. 

හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික දුත පිරිස ඊයේ රාත්‍රී 11ට පමණ කටුනායකට ළඟා වූ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ. 

අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියාව බලා පිටත්ව ගියේ එහි පැවැති 107 වන ජාත්‍යන්තර රොටරි සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමටයි. 

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් අතර හමුවක් සිදුව තිබෙනවා. 

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් ද හමුවුණා.

Share on Google Plus