ප්‍රේමදාස සමරුවේදී හෙළිවූ යහපාලන ආණ්ඩුවේ වැරද්ද.


ප්‍රේමදාස ජනාධීපතිවරයා බලාපොරොත්තුවු ජනසම්මතවාදය ඉටුකිරීමට කැපවෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 23 වන ප්‍රේමදාස උත්සවය  අද(01) එක්වෙමින්නි.  

"අද ඕන තරම් ප්‍රජාත්‍රන්තවාදය තිබෙනවා. පක්ෂ ඇතුලේ පක්ෂ හදනන් පුලුවන්. සමහරු තම ජාතිවාදය පතුරවන්න බලනවා. ප්‍රේමදාස ජනාධීපතිතුමා ජීවතුන් අතර සිටියානම් යහපාලනයට උපරිම සහයෝගය දෙනවා. ප්‍රේමදාස ජනාධීපතිතුමා බලාපොරොත්තුවු ජනසම්මතවාදය ඉටුකිරීමට අප කැපවෙනවා" යැයිද  අගමැතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ අඩුපාඩුවක් පිළිබඳ ප්‍රකාශයක් කළේය. ඒ ආණ්ඩුව කරන හොද වැඩ ජනතාවට ගෙනයාමට ආණ්ඩුව පාර්ශවය කටයුතු නොකරන බවය. මේනිසාම විරුද්ධපාර්ශවයට නොකරනදේ පිළීබඳ කථාකිරීමට ඉඩසෑදී ඇතිබව ජනාධීපතිවරයා පැවසීය. එමෙන්ම මෙසේද පැවසීය

ප්‍රේමදාස ජනාධිපතිතුමා විරුද්ධ පාර්ශවය සමග හොද සම්බන්ධතාවයක් තිබුණා.  අපි විරුධවාදීන්ට සාකච්ඡා දුන්නාම සමහර අය අපිට දොස් කියනවා. නමුත් තමාගේ පාර්ශවයට ගෞරවය දුන්නා වගේම විරුද්ධ මත දැරු අයටව ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇසුරුකළා. මම පාන්දර 4 ට කතාකලා ජනාධිපතිතුමාට අපේ ප්‍රදේශයේ ගැටලුවක් කිව්වා. තරුණ මන්ත්‍රීතුමා මොකද මට කථාකළේ කියලා ඇහුවා.

මම කියනදේට හොදින් ඇහුම්කන් දුන්නා . මේක කාටවත් කියන්න එහපා කියලා ජනාධීපතිතුමා මට කිව්වා.

වැරුද්දක්  කළා නම් ඔහු කවදාවත් හිතවතුන් ආරක්ෂාකළේ නැහැ. වැරුද්දට දඩුවම් දුන්නා. එදා දවල් 12 වෙද්දි වැරදිකරුවෝව අල්ලා ගත්තා.

රටක සිටලුම දේශාලාන චරිත අපි මේවිදිහට සමරනවාද? ලෝකයේ  දේශාලාන නායකයින් ජාතිත වගේම ජ්‍යාන්තර නායකයින් බවට පත්වුණා.ප්‍රේමදාස ජනාධිපති පොඩි ජනතාවට ආදරය කළා. ජනසවිය , ගම්උදාව වගේ වැඩපිළිවෙලවල් හරහා සාමාන්‍ය ජනතාවට උදවු කලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආණ්ඩුව කරන වැඩ ජනතාව අතරට ගෙනයන්න කියන මතයේ සිටියා.

අපේ ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව තමයි කරන වැඩ ටික ජනතාවට පැහැදිලි කරලා නොදීම ඒ නිසාම තමයි අපෙන් නොකෙරෙන වැඩ ගැන‍ ප්‍රතිවාදීන් නිතරම කියන්නේ. ආණ්ඩුවේ පුද්ගලයින්ගේ ආණ්ඩුව මගින් කෙරෙන වැඩ ජනතාව අතරට ගෙනියන්නේ නැහැ.සෝභිත නාහිමි ගම මහරගමදී අද ආරම්භකරනවා සජිත් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සජිත් ඇමතිතුමා හොදින් වැඩකරගෙන යනවා.  සජිත් ඇගේ කුණු ගාගෙන නැහැ.රණසිංහ ප්‍රේමදාස චරිතයේ ආදර්ශගෙන අපි ජනතාවට යහපත උදාකරන් කටයුතු කරනවා යැයි වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසීය



Share on Google Plus