රාජපක්ෂ සමයේ මරා දැමු රෝෂේන් චානක සැමරුම අද.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සේවක අර්ථසාධක අරමුදල (EPF) කොල්ලාකෑමට ගනු ලැබූ උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 2011 මැයි 30 වන දින පැවැත් වූ විරෝධතාවයට එල්ල කළ පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 05වන සමරුව අද (30) දින සවස 5.00ට කටුනායක ඇවරියවත්ත මංසන්දියේ දී පැවැත්වේ. 

ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතා සහ සංවිධායක ලේකම් බී.අයි. ආබ්දීන් මහතා සහභාගී වීමට නියමිතය.



Share on Google Plus