රවීගේ වාහන මගඩිය ගැන පැය තුනක් සාක්ෂි දීලා.


පසුගිය 2015 වසරේදී අඩු මුදලට තක්සේරු කර මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් මොටර් රථ 121ක් කිසිදු රේගු විමර්ශනයකින් සිදු නොකර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සෘජු මැදිහත්වීම මත නිදහස් කිරීම සහ ඉන් රජයට රුපියල් එකසිය දසකෝටි විසිහතරලක්ෂයක් (රු. 1,102,400,000) අහිමිකිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා රේගු සේවා සංගමය 2016.03.09 ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්චාවේදී පැවති එකඟතා අනුව එම වාහන මුදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපති ත්‍රිපුද්ගල කමිටුවකින් පරීක්ෂන ආරම්භ කර ඇති බවත් ඒ සඳහා රේගු වෘත්තීය සිමිති නායකයින් පෙරේදා (03) පැය තුනකට අධික කාලයක් සාක්ෂි ලබා දී ඇති බවත් වාර්තා වේ.

කෝටි 120ක රේගු ගාස්තු ගෙවා මුදාගතයුතු මෙම වාහන ලක්ෂ 52ක් ගෙවා මුදා ගැනීමට කටයුතු කර ඇති අතර එයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වීමත් සමග තවත් ලක්ෂ 16ක් ගෙවීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍යවරයා නියෝග කර ඇති බවත් ඒ අනුව පරීක්ෂණ අවසන් වීමටත් පෙර ලක්ෂ 52ක් රංයට පාඩු සිදු කරමින් ලක්ෂ 68ක් ගෙවා මෙම වාහන මුදාගැනීමට අදාළ හිමිකරුවන් කටයුතු කර ඇති බවත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණ. 

කෙසේ නමුත් ඊයේ රේගු වෘත්තිය සමිති නායකයින් විසින් ජනාධිපති අතිරේක ලේකම් ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය, රාජ්‍ය ගිනුම් දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුලා හරස්ගම මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල කිමිටුව හමුවේ අදාළ වාහන මුදාගැනීමට අවසර දී මුදල් අමාත්‍යවරයා රජයට සිදු කළ පාඩුව සම්බන්ධයෙන් සියළු සාක්ෂි ලබා දී තිබේ.




එම කමිටුව හමුවේ පෙනීසිටින බව දන්වමින් සමස්ත ලංකා රේගු සේවා සංගමය විසින් පසුගියදා නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය.

-LT

Share on Google Plus