දූෂිතයන් සමග ඉන්න බෑ - විජේදාසගේ මගුල රනිල් ප්‍රතික්ෂේප කරයි.


අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුතුගේ විවාහ මංගල්‍යය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කොට තිබුනේ අගමැති රනිල් වික්‍රමසිංහටය. එහෙත් ඔහු අදාල උත්සවයට ඒම ප්‍රතික්ෂේප කළේය. ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවෙහි අධිකරණ ඇමැතිවරයා විසින් VVIP ලෙස සැලකෙන විශේෂ ආරාධිත අමුත්තන්ගේ අසුන් පේලියෙහි රට පිළිගත් අන්ත දූෂිත ව්‍යාපාරික පවුලක් හිදවා තිබීම හේතුවෙන් බව තතු දත් ආරංචි මාර්ග සදහන් කොට සිටී.

අදාළ අසුන් හි විජේදාස රාජපක්ෂ විසින් හිදවා සිටියේ ඔහුගේ අතිජාත මිත්‍ර යෙකු වන ලංකාවේ මහජන ධනය තමන්ගේ පොකැට්ටුවට දමාගත් ඇවන්ගාර්ට් සමාගමේ සභාපති නිශ්සංක සේනාධිපති හා ඔහුගේ බිරිද මෙන්ම පවුලේ සාමාජිකයන්ය.

මෙම උත්සවය සදහා තවත් මෙවැනි ම පුද්ගලයින් කොටසක් සහභාගී අතර ඔවුන් නම් මර්වින් සිල්වාගේ මැරවර කණ්ඩායමයි. 
අධිකරණ ඇමැතිවරයා විසින් මෙවැනි ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් අගමැතිවරයා මෙම උත්සවයට පැමිනීම ප්‍රතික්ෂේප කළේය.

මෙම ක්‍රියා මාර්ග විසින් රටට අනාවරණය කරනු ලබන තවත් හෙළිදරව්වක් වන්නේ මෙතෙක් කාලයක් ඇමැති විජේදාස හා ඇවන්ගාර්ඩ් දූෂිතයන් අතර පැවැති සම්බන්ධය ෆීල්ඩ් මාෂල් ඇමැති සරත් ෆොන්සේකා විසින් දැක්වූ පරිදි සත්‍යතාවයෙන් යුතු බවයි.

ඒ අනුව ලංකාවේ අධිකරණ ඇමතිවරයාහේ ප්‍රධාන මිත්‍රපාර්ශවය හා සහයෝගී පාර්ශවය වී ඇත්තෙ මහා ජාවාරම්කාර සමාගමක සභාපති වූ නිශ්සංක සේනාධිපතිය . මෙය යහපාලනයේ කවර නම් සංවර්ධනයක් ද යන්න ජනතාව හමුවේ ඇති ගැටළුවයි.

Share on Google Plus