පැල්පිටගෙන් නොනැවතී - දිවි නැගුම වංචා සැකකරු රණවකත් නැවතත් තනතුරකට.


දිවි නැගුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටියදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරයක කටයුතු වෙනුවෙන් රුපියල් තුන්කෝටියක් මහජන මුදලින් වැයකොට ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමෙන් පසු විදේශගතවීම වලක්වාලන තහංචි ඇතුළු දැඩි ඇප කොන්දේසි යටතේ පසුගිය මාර්තු 10දා මුදා හැරුණු   කිත්සිරි රණවක මහතාව රාඡ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගයක් පරිදි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් සඳහා පත් කොට යවා ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම හේතුවෙන් ආයතන සංග්‍රහය ප්‍රකාරව එදින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ ලේකම් විසින් අනිවාර්ය නිවාඩු යවා සිටි අතර මේ වනවිට රාඡ්‍ය සේවා කොමිෂන් සභාවේ මගින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට රටේ ආණ්දෝලනාත්මක සිදු වීමක් බවට පත්ව තිබේ.

කිත්සිරි රණවක මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි දුෂණ වංචා නඩු විභාගය ජුනි 22දා නැවත විභාගයටද ගැනීමට නියමිතය.

ආර්.ඒ.ඒ.කේ රණවක “ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරු කර ඇති අතර නැවත වාරිමාර්ගික හා ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති අතිරේක ලේකමි තනතුරක පුරප්පාඩුවක් සදහා ඔහුගේ ඉල්ලිම පරිදි ස්ථාන මාරු කර ඇති” බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා සිවිල් සංවිධාන වෙත ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වේ. 

මේ අතර වජිර අබේවර්ධන මහතා යටතේ පවතින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ලෙස මෙරට ආණ්දෝලනාත්මක සිදුවීම් බවට පත්ව තිබූ වංචා, දූෂණ සහ නීතිවිරෝධී ගණුදෙනු සම්බන්ධයෙන් නම ගිය චූදිත රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වූ දමයන්ති ජයරත්න සහ අනූෂ පැල්පිට යන දෙදෙනාද පත්කරවාගෙන තිබිණ.

Share on Google Plus