අනූෂගේ පත්වීම ගැන අගමැති අණින් පරීක්ෂණ - තනතුරිනුත් ඉවතට.


රාජපක්ෂ පාලන සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතාට රජයේ අමාත්‍යාංශයක අතිරේක ලේකම් තනතුරකට පත් කිරිමට අදාළව පරික්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඊයේ (26) නියෝග කළේය. 

අනුෂ පැල්පිට මහතා ඉහත තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් පැන නැගෙන විරෝධතා සියල්ල කෙරෙහි අවධානය යොමු කර ඉහත පරීක්ෂණය කරනා ලෙසද අග්‍රාමාත්‍යවරයා දුන් නියෝගයේ සඳහන්ය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයක් දැරීමට නුසුදුසු ආකාරයේ එකම වරදක් හෝ කර තිබේ නම් අනුෂ පැල්පිට මහතා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝග කර තිබේ. 

Share on Google Plus