රජයේ වැඩ හිතවතුන්ට දුන්නාට උතුරු මැද මහ ඇමතිට වරෙන්තු.


රජයේ ඉදිකිරීම් හා වෙනත් ඉදිකිරිම් කොන්ත‍්‍රාත්තු දේශපාලන හිතවතුන්ට අයථා ලෙස  ප‍්‍රදානය කිරිම සම්බන්ධයන් කරුණු දැක්වීමට උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ අමාත්‍යවරුන්ට හා පළාත් ප‍්‍රධාන ලේකම් ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට හෙට (31) මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද (30) නියෝග කළේය. 

නිකුත්කල නියෝගය අධිකරණ පිස්කල් නිළධාරියා මගින් වගඋත්කරුවන්ට සියලු දෙනා හට අද බාරදීමට කටයුතු කරන ලෙස අනුරාධපුර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් සුජීවා චිත්‍රාංගණි මහත්මියට නියෝග කළේය.

හෙට දිනයේ කරුණු දැක්වීම සදහා අධිකරණය හමුවේ පෙනිසිටින ලෙස නියෝග කෙරුණේ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල  ජයරත්න බණ්ඩාර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක, උතුරු මැද පළාතේ කෘෂිකර්ම අමාත්‍ය  පුංචි බංඩා රත්නායක, අධ්‍යාපන අමාත්‍ය කේ. එචි. නන්දසේන, ප්‍රවාහන අමාත්‍ය එස්. එම්.රංජිත් සමරකෝන්, වාරිමර්ග අමාත්‍ය එචි. බී. සේමසිංහ යන අමාත්‍යවරුන්ට හා උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් කේ. ඒ. තිලකරත්න, පළාත් වාරිමාර්ග ඉඩම් ග‍්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලෙක්ම් පී. කේ. ජයලත්, ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම් අනෝමා මානෙල්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන සහ ලේකම් කීර්ති ගමගේ යන වග උත්තර කරුවන්ටයි. 

උතුරුමැද පළාතේ පිහිටි ප්‍රධාන වැව් 11 ක ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ටෙන්ඩර් නොකැදවමින් වාරිමාර්ග අමාත්‍ය එච්.බී සේමසිංහ මහතා යටතේ පවතින අමාත්‍යංශය මගින් දේශපාළන හිත්වත්කම්මත  එම ටෙන්ඩර් ප්‍රධානය කිරිමට යන බවට ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති ලෝහිත කන්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ ජී.ජී.ලෝහිතරත්න මහතා විසින් අධි නිතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් පෙත්සම අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර කෙරුණී.

පසුගිය කාලයපුරා ප‍්‍රසම්පාදන නියමයන් (ටෙන්ඩර් පටිපාටිය) උල්ලංඝනය කරමින් රජයේ සහ උතුරු මැද පළාත් සභාවේ සියළුම ඉදිකිරීමි කොන්ත‍්‍රාත් ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට අයථා ලෙස  ප‍්‍රදානය කරමින් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු සෙසු අමාත්‍යවරුන් හා රජයේ නිළධාරින් රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට අධිකරණ ගොනු කළ පෙත්සම තවදුරටත් සලකා බලමින් විනිසුරුවරයා මෙම නියේගය නිකුත් කෙරුණී. ටෙන්ඩර් විවෘත කිරිම සදහා හෙට (31) දිනට යෙදී ඇති බව අධිකරණයේ කියවිණි.

Share on Google Plus