සෝලංගගේ කුටිය නිසා ජනතාව අමාරුවේ (PHOTOS)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සොලංගආරච්චි මහතා විසින් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආධාර 

එකතු කිරීම සඳහා අංගොඩ මංසන්දිය මධ්‍යයේ ඉදිකළ තාවකාලික කුටිය නිසා ඉකුත් දින කිහිපයේ එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතුනා.

අංගොඩ නගරය හරහා කොටිකාවත්ත ,කොහිලවත්ත , කැළණිය සහ අඹතලේ යන ප්‍රදේශවලට ගමන් කිරීමට ඇති එකම මාර්ගය ද මෙයයි.

සෙසු විකල්ප මාර්ග සියල්ල ජලයෙන් යට වී තිබෙනවා.විපතට පත් ජනතාවට පිසූ ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය රැගෙන ගිය ජනතාව මෙම තාවකාලික කුටිය හේතුවෙන් අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් ජනතා විරෝධය හේතුවෙන් කුටිය තුළින් වාහන ගමන් කිරීමට පසුව අවස්ථාව සලසා දී තිබෙනවා.

ආධාර එක්රැස් කිරීමට කුටියක් ඉදිකිරීමට අවශ්‍ය නම් එය ඒ ආසන්නයේම ඇති ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට තිබූ බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ.

ඉකුත් දින කිහිපයේ අංගොඩ ප්‍රදේශයේ පැවති වාහන තදබදයට ප්‍රධාන හේතුව මෙය බවද ඔවුන් ප්‍රකාශ කළා.




Share on Google Plus