දේවිකා නිසා මෛත්‍රී එන උත්සවයට වර්ජනයක්?


ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09 වැනිදා) පෙරවරු 10.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

"මවුවරුන් හා අලුත උපන් දරුවන් පවුල් සෞඛ්‍ය සේවාවේ හදවතයි" යන තේමාව පාදක කොටගෙන පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වන බව ද වාර්තා වේ.

කෙසේ නමුත්එම සංගමයේ සභාපතිධුරය දරන දේවිකා කොඩිතුවක්‌කු මහත්මියට පසුගියදා ජනාධිපති වරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දී තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පවසන්නේ ස්වාධීන සේවක සංගමයක් වන රජයේ පවුල් සෞඛ්‍ය සේවක සංගමයේ සභාපතිධුරය තවදුරටත් දේවිකා කොඩිතුවක්කු මහත්මිය දැරීම සදාචාරාත්මක නොවන බවයි.

මේ හේතුවෙන් මෙම උත්සවය වර්ජනය කිරීමට ද ඇතැම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් කටයුතු කර තිබේ.


Share on Google Plus