මින් පසු පොලිස්‌ පුවත් එන්නේ මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයකින්.


මින් ඉදිරියට පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති මාධ්‍යයට ලබාදීම මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ යටතේ සිදුකරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

නව මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් වන ප්‍රියන්ත ජයකොඩි, අජිත් රෝහණ සහ හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිත බවද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

පොලිසිය පිළිබඳ පුවත් විධිමත්ව සියලු මාධ්‍ය ආවරණය වන පරිදි ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර නව පොලිස්‌ මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය නිල වශයෙන් ස්‌ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයකුට ඉහත කී නිලධාරීන් තිදෙනාට කතා කර තොරතුරු ලබාගත හැකිය.

මෙම නව මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය කඩිනමින් ස්‌ථාපිත කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස්‌ කෙරෙමින් පවතින බවත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus