නාරාහේන්පිට හිටපු OICගේ කටඋත්තර පරස්පරයි.


රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශ ප්‍රධානි පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා විසින් රහස් පොලීසියට ලබාදී ඇති කටඋත්තරවල පරස්පරතාවන් රැසක් දක්නට ඇති බව දාළ නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

එම නිසා මෙම පොලිස් නිලධාරියා මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියාදැයි සැකයක් මතුවන බවත් එම නිසා තවදුරටත් පරීක්ෂණ කළයුතුව ඇති බවත් ‍රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

ඒ අනුව ඔහු ලබන 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත.


Share on Google Plus