කිරුළපන ගිය අයට පොදු සමාව.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැලියට එක්‌ නොවී කිරුළපන මැයි රැලියට එක්‌වූ පක්‍ෂ ක්‍රියාකාරීන්ට ඇතැම්විට පොදු සමාවක්‌ හිමිවිය හැකි බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (09 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 

ඔවුන් සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම මධ්‍යම කාරක සභාව සතු කාර්යයක්‌ වන බවත්, මේ ගැන ඉදිරියේදී තීන්දුවක්‌ ගනු ඇති බවත් හෙතෙම කීය.

ඉදිරියේදී පක්‍ෂය ගන්නා ක්‍රියාමාර්ග කුමක්‌දැයි තමන්ට හරියටම කිව නොහැකි යෑයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

Share on Google Plus