නාමල්ගේ ලේකම්ගේ ගෙදරින් රන් බිස්කට් මතුවෙයි.


කාල්ටන් ස්පෝට් රග්බි සෙවන්ස් තරඟාවලියේ සංවිධායකවරයෙකු වන චම්පික කරුණාරත්න මහතාගේ බොරලැස්ගමුවේ නිවසින් රත්‍රන් කිලෝ එකයි ග්‍රෑම් 106ක් බරැති රන් බිස්කට 10 හමු වී ඇති බව වාර්තා වේ.

ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරණ විමර්ශනවලට අදාළව එම කොට්ඨාශය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රන් තොගය හමු වී ඇත.

චම්පික කරුණාරත්න මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහා මාර්ග ආමාත්‍යාංශ මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවති සමයේ එහි අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසත් දැව සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටතේ පැවති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ නිල් බලකාය සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කර ඇති අයෙකි.

ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සහ මහා මාර්ග අමාත්‍යාංශයෙන් වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක් වූවෙකි. එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ සිදුව ඇති වංචාවකට ඔහු චෝදනා ලබා ඇති අතර රාජ්‍ය මුදල් වංචා සහගතව භාවිතා කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාගේ නියෝගයක් මත රුපියල් 25000ක හා රුපියල් මිලියන 2ක ශරීර ඇප මත නිදහස්ව සිටින්නෙකි.

චම්පික කරුණාරත්න මහතා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව ඉතා ලඟින් ඇසුරු කළ අයෙකුද වේ.




Share on Google Plus