අදෘශ්‍යමාන රේඩියෝව හැදුවේ චීන ආධාර ගසාකන්න?


චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රූපවාහිනී හා ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ උපකරණ භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාVIS Broadcasting Network Pvt Ltd සමාගම ආරම්භ කර ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇතැයි දැනගන්නට ලැබේ.

2009 ජූලි මස 09 වන දින චීන ජනරජයෙන් මෙරටට ලැබුණු මෙම සම්පේ‍්‍රෂණ උපකරණවල වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවත් අදාළ උපකරණ තොගය තීරුබදු රහිතව මුදාහැරී සඳහා එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලිඛිතව දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත.

සම්පේ‍්‍රෂණ උපකරණ මුදාහැරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අංකය (TIN) 114638323 ඔස්සේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විමර්ශන ආරම්භ කර ඇත.

මෙරට රජයට ලැබුණු සම්පේ‍්‍රෂණ උපකරණ පෞද්ගලික සමාගමක කටයුතු සඳහා යොදා ගැනීම නීති විරෝධී වන අතර එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමකි. VIS Broadcasting
Network Pvt Ltd සමාගම සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත්තේ 2008 අපේ‍්‍රල් මස 11 වන දිනය. PV 63832 අංකය යටතේ ලියාපදිංචි එම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කර ඇත්තේ නැදිගමුව ලලිත් පියුම් පෙරේරා, කපිල ගාමිණී සමරසිංහ දිසානායක, රංගනී හෙට්ටිආරච්චි, කස්සප සෙනරත් යන මහත්ම මහත්මීහුය. දෘශ්‍ය ආයෝජකයා වන්නේ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි නමැත්තාය. ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වරින් වර ඉවත් කෙරී ඇති අතර ඒ සඳහා නරේන්ද්‍ර සීලනාථ, සචිත‍්‍ර කවිශාන් දිසානායක, සාධ්‍යා කරුණාජීව, දිනේෂ් ජයවර්ධන, මේනක ලියනගේ, සුජානි බෝගොල්ලාගම යන පුද්ගලයන් ඇතුළත් කෙරී ඇත. VIS Broadcasting Network සමාගම 2011 වසරේ දී CSN, Red FM, සිංහ FM,යූත් FM යන ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සමඟ ගිවිසුම්වලට ද එළැඹී තිබේ. VIS සමාගම ආරම්භ කිරීම සඳහා මුදල් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත්

සමාගමට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ගෙන් කටඋත්තර ලබා ගැනීමක් හෝ ප‍්‍රකාශ සටහන් කරගැනීමක් සිදු නොවීම බරපතළ කාරණයක් බවත් පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus