මෛත්‍රීගේ ආරක්ෂකයින්ට අහුන්ගල්ලේන් බලු බැනුම්.


අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්‌ථානයේ විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොපැමිණෙන බව දැන්වීමට පැමිණි ආරක්‍ෂක නිලධාරීන් පිරිසකට කෝපවූ ප්‍රදේශවාසී ජනතාව ඉතා තදින් දොස්‌ පවරා පන්නා ගැනීමේ සිද්ධියක්‌ දැනගන්නට තිබිණි.

දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතා විසින් එක්‌කෝටි අනූහය ලක්‍ෂයක්‌ වියදම් කරමින් සංවර්ධනය කරන ලද විහාරය විවෘත කිරීම 2016.05.16 දාට නියමිතව තිබිණි. එහි උත්සව කටයුතු සඳහා වෙනමම රුපියල් ලක්‍ෂ අටක්‌ වැයකර තිබිණි. මෙදින පෙරවරුවේ ආරක්‍ෂක නිලධාරීහු පැමිණ ජනාධිපතිවරයා නොපැමිණෙන බව දන්වා සිටියහ. ඒ අවස්‌ථාවේ සිටි ගම්මු කෝපවී ඉතා තදින් දොස්‌ පවරා ආරක්‍ෂකයන් පන්නා ගත්හ. ඒ සමගම විහාරස්‌ථානයේ දින ගණනක්‌ තිස්‌සේ රැඳී සිටි පොලිස්‌ නිලධාරීන්ද පැදුරටත් නොකියා ගොස්‌ තිබිණි.

Share on Google Plus