මර්වින් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු වෙයි.


ඒකාබද්ධ විපක්ෂය යන ශුද්ධ වචනය හොරුන්ට, මංකොල්ලකරුවන්ට භාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත්, ඒවෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට තමා මැදිහත්වී ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවා ගන්නා බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින්. 

එදා සියලු දේ සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා මත බවත්, ඔවුන්ගේ බොහෝ අවශ්‍යතා වෙනුවෙන් තමාට පෙනී සිටීමට සිදු වූ බවත් මර්වින් සිල්වා මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා. අද සිට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස තමා කටයුතු කරන අතර, ඉදිරියේදී බොහෝ පිරිසක් තමා වටා එක්වනු ඇතිබවද ඒ මහතා විශ්වාසය පලකළා. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ආණ්ඩුව කරන විට එහිම තවත් පිරිසකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු පැවසුවා.

Share on Google Plus