මහින්ද රාජපක්ෂට යහපාලනයෙන් නිවසක්.


හිටපු ජනාධිපති, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට සිය දේශපාලනකටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාම සඳහා නව නිල නිවසක් ලබා දීමට මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව තීරණය කර ඇති අතර එහි වැඩකටයුතු මේ වනවිටත් අවසන් කර ඇතැයා ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙම නිල නිවසේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදාව මගිනි සිදුකර ඇති අතර එහි අවසන් අධියරේ කටයුතු සඳහා (ෆිනිශින්) නාවික හමුදා භටයන් 20 දෙනෙක්‌ පමණ යොදවා ඇති බවත් එම නිවස ලබන සතියේ මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම ප්‍රකාශකරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව තමන්ගෙන් පලිගනිමින් සිටින බවය.

Share on Google Plus