මහින්දගේ අලුත් ආරක්‍ෂකයින් තනිකරම මහින්ද විරෝධීන්.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි යුධ හමුදා කොමාන්ඩෝ සෙබළුන් ඉවත් කර යොදවා ඇත්තේ ඒ මහතාට දේශපාලනික වශයෙන් විරුද්ද පොලිස් නිලධාරීන් පිරිසක් යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතා දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේය.

එම පොලිස් කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා ලඟ නැති අවස්ථාවල ඔහු හඳුන්වන්නේ අමතන්නේ අරූ, මූ, ඌ, ඒ යකා ආදී අපහාසාත්ම වචන භාවිතයෙන් යයිද ඔහු කියා සිටියේය.

රාජපක්‍ෂ මහතාට ගරුත්වයක් සහිතව කතා කරන්නේ එම පොලිස් නිලධාරීන්ගෙන් හත් දෙනෙකු පමණක් යයිද කී මන්ත‍්‍රීවරයා හතුරු මනස් සහිත පොලිස් නිලධාරීන්ගෙන් කිසිසේත්ම හිටපු ජනපතිගේ ආරක්‍ෂාව සහතික කල නොහැකි යයිද කියා සිටියේය.

මෙසේ යොදවා ඇති බොහෝ පොලිස් නිලධාරීන් එජාප හිතවාදී හෝ හිටපු ජනපතිනි චන්ද්‍රිකාවාදී පිරිස් යයිද වීරවංශ මහතා එහිදී තව දුරටත් කීය.

Share on Google Plus