රජයේ අංක එකේ වැඩේ ගැන මහින්ද හෙළිකරයි.


වත්මන් රජයේ ප්‍රධානම කාර්යය පලිගැනීම බවත් වෙන වැඩක් නොකෙරෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඊයේ (28දා) පෙරවරුවේදී මීරිගම ශ්‍රී මුනින්දාරාම විහාරයේ පැවැත් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“පලිගන්න ඕන නම් පලිගැනීම් කරන ගමන් කරුණාකරලා මේ ජනතාවගේ ප‍්‍රශ්න දිහා බලලා ජනතාවට ඒ සේවය ඉටුකරනවා නම් අපිට ගැටලුවක් නෑ. හාමුදුරුවරු 48 ක් සිරබාරේ. එතනින් නැවතුනේ නැහැ. ඒ අය අතරින් ධර්ම දේශකයාණන් වහන්සේ  අපි දන්නවා උඩුවේ ධම්මාලෝක හිමිපාණෝ අත්අඩංගුවට ගත්තා.

අද සමහර රාජ්‍ය නොවන සංවිධාන අපේ සංස්කෘතිය නැති කරන්න කි‍්‍රයාත්මක වෙලා තියෙනවා. පෙරහැරක් පවත්වන්නේ අංග එක්කයි. මෙකෙන් කල් පැවතුන ඒ අංග අතරින් පෙරහැරේ අලි ඇතුන් ගියා. අද අලි ඇතුන් යන්නේ නැහැ. ඉන්න අලි ඇතුන් සියල්ල අල්ලගෙන ගිහිල්ලා උසාවි දාලා”

Share on Google Plus