මහින්දගේ උගන්ඩා සංචාරයේ අරමුණ, මුදල් සැඟවීමට ද?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) උගන්ඩාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැර විය.

මේ පිළිබඳව මහින්ද මහතාගේ මාධ්‍ය අංශය පවසන්නේ උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව පිටත්වූ රාජපක්ෂ මහතා උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිත බවය.

කෙසේ නමුත් උගන්ඩාව තුල පසුගිය රජය සමයේ සිදුකල අක්‍රමික ආයෝජනයන් පිළිබඳව සොයා බැලීමට ද රාජපක්ෂ මහතාගේ මෙම සංචාරයේ දී නියමිත බව ද මාධ්‍ය වාර්තා වාර්තා වල සඳහන්ය.

එසේම අදාල ආයෝජනයන් ද මෙරට මුදල් එරට සැඟවීම සඳහා සිදුකල ඒවා බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share on Google Plus