ජේආර්ගේ ජෙෆ්රි බාවා සහ ගෝඨාගේ මුදිත කාවා.



ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මේ දිනවල කතාබහට ලක්වී ඇති චරිතයක් වන්නේ ඔහු රාජපක්ෂ පවුල සමග පැවැත්වූ සම්බන්ධකම් හේතුවෙනි. රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීමට මුදිත ජයකොඩි තම වෘත්තීය යොදවා ගත් ආකාරය මේ දිනවල මූළ්‍ය අපරාධ කොට්ඨාශය (FCID) පරීක්ෂණ පවත්වමින් සිටී.

බැසිල් රාජපක්ෂ සතු මල්වානේ අක්කර 16 ක ඉඩම සහ නිවස, මාතර බ්‍රවුන්ස් හිල් මැඳුර, ඩී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පියා වන මුදිත ජයකොඩි එම ව්‍යාපෘතිවලට කිසිදු මුදලක් අය නොකර ඇත. ඒ වෙනුවට රජයේ විශාල පරිමාණයේ ව්‍යාපෘතීන් සමූහයක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මුදිත ජයකොඩි හට ලබා දීමට රාජපක්ෂවරුන් කටයුතු කර තිබේ.

වරක් FCID විසින් ඔහුගේ වෘත්තීය පලපුරුද්ද පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඉතා උද්ධච්ඡ ආකාරයට මුදිත පවසා ඇත්තේ FCID පිහිටා ඇති ගොඩනැගිල්ලද තමාගේ නිර්මාණයක් බවයි. නමුත් එම ගොඩනැගිල්ල සිය වසකට ආසන්න කාලයක් ඉපැරණි බව පොලිස් නිලධාරීන් මතක් කර දුන් විට ඔහු පවසා ඇත්තේ එහි නව ප්‍රතිසංස්කරණ කටයුතු (Referbishment) තමන් විසින් සිදුකළ බවයි.

එම කොන්ත්‍රාත්තුව ඔහුට ලැබුනේ ටෙන්ඩර් මගින්දැයි විමසීමේදී තවත් උද්ධච්ඡ පිලිතුරක් ලබා දෙමින් මුදිත ජයකොඩි පවසා ඇත්තේ ‘ජේ. ආර්. ජයවර්ධන 1978 ජෙෆ්රි බාවාට පාර්ලිමේන්තුව සැලසුම් කිරීම ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව'යි. ඒ ආකාරයට තමන්ටත් ගෝඨාභය රාජපක්ෂ මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බව ඔහු සඳහන් කර ඇත.

පසුව මේ පිලිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් FCID නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ ‘කන්ට්‍රැක්ට් එක ටෙන්ඩර් කෝල් කරන්නැතුව මුදිත ජයකොඩිගෙ ෆර්ම් එකට දෙන්න කියල ගෝඨාභය මගෙන් ඉල්ලුවා' කියාය.

මීට අමතරව මුදිත ජයකොඩිට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ බත්තරමුල්ල පැලවත්තේ යුද හමුදා මූළස්ථානය හෙවත් පෙන්ටගනය සහ කොම්පඤ්ඤවීදියේ යුධ හමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩ නැගීම පවරා ඇත්තේ ද ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

මුදිත ජයකොඩි මෙම මහා පරිමාණ ව්‍යාපෘති දෙකම අත යටින් ලබාගෙන ඇත්තේ තම ආයතනය පිළිබඳව යුධ හමුදාවට අමූලික බොරු පවසමිනි. ඔහු යුද හමුදාවට පවසා ඇත්තේ තමා යටතේ ගෘහ නිර්මාණ ශිල්පීන් විසි දෙනෙකු හා ඉංජිනේරුවන් තිස් දෙනෙකු පූර්ණ කාලීනව සේවය කරන බවයි. නව රජය බලයට පත්වීමෙන් පසු කැබිනට් අනු කමිටුවක් මගින් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙලිවූ කරුණු මත පිහිටා මෙකී කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇත. නමුත් එය පූර්ණ වශයෙන් ශුන්‍ය සහ බල රහිත කිරීම ආරක්ෂක අමාත්‍යංශය තවමත් කල් දමමින් සිටින්නේ ඇයි දැයි ප්‍රශ්නයකි.

දේශමාන්‍ය ජේෆ්රි මෑනින් බාවා මහතා නිර්මාණය කළ අදටත් ජීවය නොනැසී පවතින නිර්මාණ රැසක නාමාවලිය පහත දැක්වේ.


1940s
•   Lunuganga, Bentota (1948–1998)
1950s
•   St. Thomas' Preparatory School, Colombo (1957–1964)
•   Carmen Gunasekera House, Colombo (1958)
•   Kanangara House, Colombo (1959)
•   Club House, Ratnapura (1959)
•   Deraniyagala House, Colombo (1959)
•   Wimal Fernando House, Colombo (1959)
•   Jayawardena house, Colombo (1959–1960)
•   Ekala Industrial Estate, Ja ela (1959–1960)
•   A.S.H. De Silva House, Galle (1959–1960)
•   Manager's Bungalow, Maskeliya (1959–1960)
•   Turin Koralage House, Elpitiya (1959-1960)
•   Wijewardene House, Colombo (1959–1964)
1960s
•   Osmund and Ena de Silva House, Colombo (1960–62)
•   Bishop's College, Colombo (1960–1963)
•   33rd Lane, Colombo (1960–1998)
•   Chapel for the Good Sheperd Convent, Bandarawela (1961–1962)
•   House for Dr. Bartholomeusz, Colombo (1961–1963)
•   House for Chris and Carmel Raffel, Colombo (1962–1964)
•   Pim and Pam Fernando House, Colombo (1963)
•   St. Bridget's Montessori School, Colombo (1963–1964)
•   Polontalawa Estate Bungalow, Polontalawa (1963–1965)
•   Hilton Hotel, Colombo, Colombo (1965)
•   Madurai Boys' Town, Madurai, India (1965–1967)
•   Yahapath Endera Farm School, Hanwella (1965–1971)
•   Coral Gardens Hotel additions and renovations, Hikkaduwa (1966)
•   Steel Corporation Offices, Oruwela (1966–1969)
•   Bentota Beach Hotel, Bentota (1967–1969)
•   Pieter Keuneman House, Colombo (1967–1969)
•   Serendib Hotel, Bentota (1967–1970)
•   Yala Beach Hotel, Yala (1968)
•   Mahahalpe Farm, Kandy (1969)
•   Ceylon Pavilion 1970 World Fair, Osaka, Japan (1969–1970)
1970s
•   Pallakele Industrial Estate, Pallekele (1970–1971)
•   P.C. de Saram Terrace Houses, Colombo (1970–1973)
•   Science Block, Nugegoda (1971)
•   Madurai Club, Madurai, India (1971–1974) - it has been renamed as Heritage Madurai.
•   Hotel Connamara Remodelling, Chennai, India (1971–1976)
•   Club Mediterranee, Nilaveli (1972)
•   Stanley de Saram House, Colombo (1972)
•   Batujimbar Pavilions, Sanur, Indonesia (1972–1975)
•   Peter White House, Pereybere, Mauritius (1973–1974)
•   Neptune Hotel, Beruwala (1973–1976)
•   Agrarian Research and Training Institute, Colombo (1974–1976)
•   Hotel at Pondicherry, Puducherry, India (1975)
•   Seema Malaka, Colombo (1976–1978)
•   State Mortgage Bank, Colombo (1976–1978)
•   Candoline Hotel, Goa, India (1977)
•   Panama Hotel, Panama (1977)
•   Martenstyn House, Colombo (1977–1979)
•   Meena Muttiah Hospital for the Kumarni of Chettinad, Chennai, India (1978)
•   House for Lidia Gunasekera, Bentota (1978–1980)
•   Institute for Integral Education, Piliyandala (1978–1981)
•   Club Villa Hotel, Bentota (1979)
•   Samy House, Dahshur, Egypt (1979)
•   Triton Hotel, Ahungalla (1979–1981)
•   Sri Lankan Parliament Building, Kotte (1979–1982)
    
1980s
•   University of Ruhuna, Matara (1980–1988)
•   Galadari Hotel, Islamabad, Pakistan (1984)
•   Sunetra Bandaranaike House, Horagolla (1984–1986)
•   Offices for Banque Indosuez, Colombo (1985)
•   Institute of Engineering Technology, Katunayake (1985)
•   Fitzherbert House, Tangalle (1985–1986)
•   De Soysa House, Colombo (1985–1991)
•   Bashir Currimjee House, Port Louis, Mauritius (1986–1994)
•   Hyatt Hotel, Sanur, Sanur, Indonesia (1989)
•   Larry Gordon House, Wakaya, Fiji (1989)
•   Singapore Cloud Centre, Singapore, Singapore (1989)
1990s
•   Banyan Tree Hotel, Tanjung Pinang, Indonesia (1991)
•   Kandalama Hotel, Dambulla (1991–1994)
•   Jayakody House, Colombo, Colombo (1991–1996)
•   Sarabhai House, Ahmedabad, India (1992)
•   Modi House, Delhi, India (1992)
•   Jayakody House, Bentota, Bentota (1993)
•   Poddar House, Bangalore, India (1994)
•   Kani Lanka Resort & Spa, Kalutara (1994–1996)
•   Lighthouse Hotel, Galle (1995–1997)
•   Blue Water Hotel, Colombo (1996–1998)
•   Official Residence of the President, Kotte (1997-)
•   Pradeep Jayewardene House, Mirissa (1997–1998)
•   Spencer House, Colombo (1998)
•   Jacobsen House, Tangalle (?)
Unbuilt
•   U.N. Headquarters, Malé, Malé, Maldives (1985)
Awards and fellowships[edit]
•   Pan Pacific Citation, Hawaii Chapter of the American Institute of Architects (1967)
•   President, Sri Lanka Institute of Architects (1969)
•   Inaugural Gold Medal at the Silver Jubilee Celebration of the Sri Lanka Institute of Architects (1982)
•   Heritage Award of Recognition, for “Outstanding Architectural Design in the Tradition of Local Vernacular Architecture”, for the new Parliamentary Complex at Sri Jayawardenepura, Kotte from the Pacific Area Travel Association. (1983)
•   Fellow of the Royal Institute of British Architects
•   Elected Honorary Fellow of the American Institute of Architects (1983)
•   Conferred title of Vidya Jothi (Light of Science) in the Inaugural Honours List of the President of Sri Lanka (1985)
•   Teaching Fellowship at the Aga Khan Programme for Architecture, at MIT, Boston, USA (1986)
•   Conferred title Deshamanya (Pride of the Nation) in the Honours List of the President Sri Lanka (1993)
•   The Grate Master's Award 1996 incorporating South Asian Architecture Award (1996)
•   The Architect of the Year Award, India (1996)
•   Asian Innovations Award, Bronze Award – Architecture, Far Eastern Economic Review (1998)
•   The Chairman's Award of the Aga Khan Award for Architecture in recognition of a lifetime's achievement in and contribution to the field of architecture (2001)

  • Awarded Doctor of Science (Honoris Causa), University of Ruhuna (14 September 2002)
  • Award made no tender by MOD Gotabhaya, in return for Architectural works for the family- Free, free, free.

මේ සා විශාල ගෘහ නිර්මාණ සමූහයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොවට දායාද කළ දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතාට එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සැලසුම් කිරීමට ආරාධනා කලේ එය ඔහුට කරන ගෞරවයක් වශයෙනි. ජේ.ආර්. ජයවර්ධන මහතා එසේ කලේද සිය කැබිනට් මණ්ඩලයේ ඒකමතික එකගත්වයකින් යුතුවය.

මුදිත ජයකොඩි තමන් ජේෆ්රි බාවා මහතාට සමාන කර ගන්නේ කවර නිර්නායකයකින් දැයි ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීහු ප්‍රශ්න කර සිටිති. ගෝඨාභය ගේ හා බැසිල්ගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉදිකර ඇති නිවෙස් සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා ඔවුන් විසින් මුදිතව දෙවතාවක් ලොස් ඇන්ජලීස් වෙත පිටත් කර යවා තිබේ.

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ පුරා වෘත්තයක් බදු වූ ජෙෆ්රි මෑනින් බාවා මහතාට තමාව සමාන කර ගනිමින්, වෘත්තියේ ආචාර ධර්ම ඇතුලතින් කා දමා විනාශ කරන කාවෙකු වැනි ගෘහනිර්මාණ ශිල්පියෙකු වන  මුදිත ජයකොඩි මේ තාක් සිදුකර ඇත්තේ බොරු දෙසා බාමින් වෘත්තියේ ගෞරවය කෙලෙසමින් රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු කිරීමට උදව් කිරීම බව ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහන් කර සිටී.

මේ වන විට ප්‍රශ්න ගතව පවතින මල්වානේ අක්කර 16 කින් යුතු ඉඩම සහ නිවෙස පසුගිය ජූනි මස සිට සින්නක්කර ඔප්පුවකින් මුදිත ජයකොඩි පවරාගෙන ඇති බව FCID  පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. රුපියල් බිලියන 50 ක වියදමින් ඉදි කෙරෙන පෙන්ටගනයේ වෘත්තීය ගාස්තුව ලෙස 6% ක මුදලක් මුදිත ජයකොඩි ආරක්ෂක අමාත්‍යංශයෙන්  අයකර ගෙන තිබේ. එමෙන්ම හෝමාගම දියගම රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන්ද ඒ හා සමාන මුදලක් මුදිත ජයකොඩි වෘත්තීය ගාස්තු ලෙස අයකර ඇත.

මේ වන විට රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නියැලීම නිසා කරමුලටම හිරවී ඇති මුදිත ජයකොඩි දැන් අලුත් පොතක් පෙරලමින් සිටී. එනම් රජයේ සාක්ෂිකරුවෙකු වී ඇග බේරා ගැනීමය.


Share on Google Plus