ලංකාවේ පරිසර විනාශය ගැන විදේශිකයින් දැනුවත් කරයි.


ජාතික භෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම සහ අත්පත්‍රිකා බෙදීමක් පසුගියදා ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී.

පරිසර හා සොබාදහම්  අධ්‍යන මධ්‍යස්ථානය නියෝජනය කරමින් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම දැනුවත් කිරීම සදහා සහභාගී වූ අතර එම දැනුවත්කිරීමේ දේශන  සිංහල ඉංග‍්‍රීසි සහ ඉතාලි යන භාෂාවලින් පවත්වනු ලැබිණ.

 ලෝක බැංකුවේ අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා  ජාතික භෞතික  සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇති බවත් මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් අරඹනු ලැබූ  එය වත්මන් ආණ්ඩුවද  කොටස් වශයෙන් කරගන යනු ලබන බව  එහිදී පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙනු ලැබීය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර සිටියේ,

"2030 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම සඳහා  මෙම සැලසුම් ක‍්‍රියාත්මක වන බව පැවසෙන නමුත් ශ්‍රී ලංකාව පාරිසරික මධ්‍යස්ථානයක් හෝ ගොවිතැන් මධ්‍යස්ථානයක් කරන බවට එහි සඳහන් නොවන බවය.

එසේම ලංකාව 2005 ජූලි 4 දින ඉන්දියාව, චීනය, ඇතලූ රටවල් 36ක් සමඟ ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියානු අධිවේගී මාර්ග ජාලය හා එකතු කිරීමට ගිවිසුම් වලට පැමිණ ඇති බවත් නමුත් ඒ තුළ වන පාරිසරික හානිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදු කර නොමැති බවද ඒ මහතා පෙන්වා දෙනු ලැබීය. 

යුරෝපය පුරා ස්පාඥය ඉතාලිය ජර්මණිය හා ඒංගලන්තය මුල් කරගන පවත්වන මෙම දැනුවත් කිරීමි වලින් අනතුරුව දේශිය වීදේශිය ජනතාව සමග ජිනීවා මානව හිමිකමි කාර්යාලය වෙත වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් රටට හා ලොවට සිදුවන බලපෑම සමිබන්ධ වාර්ථාවක් බාර දීමට නියමිතය.

මීට සමගාමීව ලෝකයේ ජෛව විවිධත්වය හා ගෝලීය පාරිසරික විනාශය පිළිබදව පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ දේශනයක්ද ඉතාලීයේ මිලානෝ නගරයේ පිහිටි ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී පවත්වනු ලැබුණු අතර ඒ ලක්දේශ් විජේසිංහ මහතා සහ එම පාසලේ අධ්‍යක්ෂක තිමීර ප‍්‍රබොද් ඇතුළු ගුරු භවතුන් එය සංවිධානය කරනු ලැබිණ.





Share on Google Plus