මහ බැංකු අධිපතිගේ මෙන්ඩිස් අරක්කු කතාවේ ඇත්ත මොකද්ද?


Mendis මත්පැන් නිෂ්පාදන සමාගම මෑතකදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝෂියස් විසින් මිලදී ගෙන ඇති බවට එක්තරා වෙබ්අඩවියක් විසින් පළකර තිබෙන පුවත සම්පුර්ණ අසත්‍යක් බවට වාර්තා වේ.

එම සමාගම Perpetual විසින් මිලදී ගෙන ඇත්තේ 2011 වසරේ වන අතර ඒ පිළිබඳව 'ඩේලි එෆ්. ටී' පුවත් පතේ 2011 ජුනි 13 ලිපියක්ද පලවී තිබේ.

එම ලිපිය මෙතනින් කියවීමට හැක>>>>

කෙසේ නමුත් අදාල වෙබ්අඩවිය විසින් තවදුරටත් චෝදනා කරන්නේ අදාල මිලදී ගැනීම නිසා සුරාබදු  දෙපාර්තමේන්තුව තුළදී W M Mendis & Co. Ltd හට විශේෂ වරප්‍රසාද හිමිවන බවයි.

කෙසේ නමුත් අපකළ සොයාබැලීම වලදී වාර්තා වුයේ අදාල කරුණ ද මුළුමනින් ම අසත්‍යක් වන බවයි.

අදාල පුවත් සම්පුර්ණයෙන් මහ බැංකු අධිපතිවරයා ඉලක්ක කර ගනිමින් සිදුකල මඩ ප්‍රහාරයකට වැඩි යමක් නොවන බවද වාර්තා වේ.

Share on Google Plus