මැයි රැළිවලට ආ ජන සංඛ්‍යාව මෙන්න.


රටේ ප්‍රධාන පක්ෂ වල වත්මන් ජනප්‍රියත්වය සහ ශක්තිය උරගා බැලු මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි දින පෙළපාලි හා මැයි රැුළි ඊයේ දිවයින පුරා පැවැත්වුනා.  මේ වනවිට ලැබී ඇති වාර්තා අනුව කොළඹ කැම්බල් පිටියේ පැවැත්වූ එජාප මැයි රැලියට සියළු දේශපාලන පක්ෂ වලට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම ප්‍රමාණය දළ වශයෙන් 75,000 ක් පමණ බවට තක්සේරු කර තිබෙනවා. එම අගය තවත් වැඩිවනු මිස අඩු නොවන බවයි අදාළ වාර්තා පවසන්නේ.

ගාල්ලේ පැවැති නිදහස් පක්ෂයේ  රැලියට 40,000 ක් පමණ ජනතාවක් සහභාගී වී ඇති අතර කිරුළපන පැවැති මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ  රැලියට සහභාගී වී ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයක් 15000 ක් පමණ වූ පිරිසක් බව අදාළ වාර්තා කියයි.

මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ කිරුළපන රැලියට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 41 ක් පමණි.

එසේම එජාප රැලියට සහ ශ්‍රීලනිප ගාලු රැලියට සියළු ජාති ආගම් නියෝජනය කරමින් උතුරු නැගෙනහිරින්ද ඇතුලුව රට පුරාම ප්‍රදේශවල ජනතාවගේ නියෝජනයක් පැවැති බවයි.  නමුත් කිරුළපන රැලියට සහභාගී වූයේ කොළඹ සහ අවට ප්‍රදේශවලින් ආසන්න ප‍්‍රදේශවලින් බවත් දකුණු පළාතෙන් වැඩි පිරිසක් එක්වූ බවත් එම වාර්තාවල සදහන්. වෙනත් ජාති ආගම් නියෝජනය කරමින් ජනතාවක් සහභාගී වීම කිරුළපන රැළියේ අවම වශයෙන් වාර්තාවී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බී.ආර්.සී පිටියේ පැවැත්වූ මැයි දින රැලියට සහභාගී ප්‍රමාණය 7000 ක් පමණ වෙතැයිද අදාළ වාර්තා වල දැක්වේ.

රටේ නිල විපක්ෂය වන ටීඑන්ඒ සංවිධානය කිලිනොච්චියේ පැවැති මැයි දින රැලියට 800-1000 ත් අතර පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් වැඩි ප්‍රචාරයක් නොකළ බවත් පැවසේ.

Share on Google Plus