රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ඉල්ලා අස්වේ - එක් ඇමතිවරයෙක් දැනටම ලියුම් දීලා.


කැබිනට් ඇමතිවරු විසින් ඔවුන් සතු කිසිදු විෂයක් පවරා නොමැති රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ඉදිරි සතියේදී අදාළ තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධ සිද්ධිය පසුගිය අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරද මතුව තිබේ.

එම කරුණ ගැන අගමැති කාර්යාලයෙන්ද විමර්ශනයක් කර ඇති අතර එහිදී හෙළිව ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධූරය දරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට ආරක්ෂක අමාත්‍යංශයේ බලතලවලින් කොටසක් දී ඇති බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් සතු ආර්ථික ප්‍රතිපත්ති සැලැසුම් සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාට පවරා ඇති බවයි.

ඒ හැරෙන්නට සිය විශය පථයෙන් කොටසක් පවරා ඇති එකම කැබිනට් ඇමතිවරයා වන්නේ අකිල විරාජ් කාරියවසම් මහතා බවත් ඔහු සිය නියෝජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් මහතාට සිය විෂයෙන් කොටසක් පවරා ඇති බවයි.

මේ අතර එක් රාජ්‍ය ඇමතිවරයෙක් තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපලෙ සිරිසේන මහතා අතට ලබා දී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදී මේ බව කියා සිටියේය.


රාජ්‍ය ඇමති ධුරයට බලතල නැති නිසා ජනතාවට සේවය කල නොහැකි බව පවසමින් රාජ්‍ය අමාත්යවරයකු තමන්ට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියත් එම ඇමතිගේ නම හෙළිදරව් නොකලේය.

Share on Google Plus