කොළොන්නාවට උදව් අවශ්‍යයි.


පසුගිය සතියේ  ඇතිවූ ගංවතුර නිසා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 18756 ක පුද්ගලයින් 94151 ක් මේ නිසා පීඩාවට පත් විය.

එසේ බිඳවැටුණු කොළොන්නාව ජන ජීවිතය ගොඩනැගීමට කොළඹ දිස්ත්‍රික් පා.ම. කොළොන්නාව එජාප සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කල නිවේදනයේ කොටසක් පහතින්,

"අද (මැයි 30) වන විට අවතැන් වූ පවුල් වලින් 90% ක් තමන්ගේ නිවාස කරා ප්‍රවිශ්ට වෙලා තියෙනවා.

මේ වන විට ඔවුන් තමන්ගේ නිවාස ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා දෛනිකව කොළොන්නාවේ ගංවතුරට අසූ වූ ප්‍රදේශවලින් කසල විශාල ප්‍රමාණයක් එක් රැස් වෙනවා.

දැනට කසල බැහැර කිරීමට පවතින වාහන වල හිගයක් පවතිනවා. මේ හේතුවෙන්  මැසි, මදුරු තර්ජන මෙන්ම වෙනත් සෞඛ්‍ය ගැටලු ද ඉස්මතු වීමේ අවදානමක් දැනටමත් තියෙනවා.

එය කරදරයට පත් වූ ජනතාවට තවත් පීඩාවක්.  

එහෙයින් දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකින් අපි ඉල්ලා සිටිනවා හැකි පමණින් ඔබගේ ආයතනය සතු කසල බැහැර කිරීමේ රථයක් අගහරුවාදා දින (මැයි 31) උදෑසන කොළොන්නාවට එවන්න කියලා.

මේ පිළිබද උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

කොළොන්නාවේ ජන ජීවිතය නැවත ගොඩ නගන්න ඔබ සැමගේ දායකත්වය ද නොමදව බලාපොරොත්තු වෙනවා."

  • කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 0112572281 /0714397024
  • කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ කාර්යාලය - 0112533169/ 0773632025



Share on Google Plus