වගකීම බාර ගනී : දිවයින මාධ්‍යවේදියා ගෙදර යයි.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට යතියි සති අන්ත පුවත්පතකට විශේෂාංග ලිපියක් ලියූ බව කියන මාධ්‍යවේදියා එහි වගකීම බාරගෙන අද ඉල්ලා අස්විය.

මෙම ලිපිය පළ කර තිබුණේ විශේෂ ලියුම්කරුවකු ලෙසිනි.

ජවිපෙ නායකත්වය පිළිබඳ අවුලක් නැති බවත්, එම පුවත්පතේ වාර්තාව හා විශේෂාංග ලිපිය රාජපක්ෂ පවුලේ ඕනෑ කමට ලියා ඇති බවත් කියමින් ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළේය.

වගකීම බාරගෙන මාධ්‍යවේදියකු ඉල්ලා අස්වීම  ඉතා විරල ක්‍රියාවක් බව මාධ්‍යවේදීහු කියති.

Share on Google Plus