දිවයින පුවත්පතට නඩු - ටිල්වින්, විජිත අනුර වෙනුවෙන්.


දිවයින ඉරිදා පුවත්පත ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් පළ කර ඇති අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත් එම පුවත්පතට එරෙහිව පුවත්පත් මණ්ඩලයට හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ධනපති ක්‍රමයේ අර්බුදයෙන් මේ රට ගලවා ගැනීම සඳහා දැවැන්ත ජනතා බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් බොරු ප්‍රවෘත්තිවලින්, අවලාදවලින් ජවිපෙ සාමාජිකයා තුළ ඇති ධෛර්යය බිඳහෙළීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් මෙම බොරු ප්‍රවෘත්ති විශ්වාස නොකර ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙසත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප්‍රධාන ලේකම්වරයා ඉල්ලා සිටී. 



මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ද මෙසේ අදහස් දැක්වීය.



Share on Google Plus