ජේමිස් පැකර් රහසේම ලංකාවට ඇවිත්.


කෝටිපති කැසිනෝ ව්‍යාපාරික, ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් මහතා ඊයේ (03දා) ඉතාම රහසිගතව දිවයිනට පැමිණ තිබෙන බවත් ඔහු අද (04දා) දහවල් කොළඹ හිල්ටන් හෝටලයේ සිටි බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා පැවැසීය.

ඔහු සඳහන් කරනේනේ ජේම්ස් පැකර් ලංකාවට පැමිණෙන තෙක්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙන්ම වෙනත් කිසිඳු පුද්ගලයෙකු දැනගෙන නොසිටි බවයි,

ඔහු දිවයිනට පැමිණියේ කුමක් සඳහාද ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ කුමන කාරණායක් සඳහාදැයි යන්න තවමත් හෙළි වී නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේදී ජේම්ස් පැකර් ලංකාවට පැමිණ විට බොහෝ දෙනෙකු ඒ සඳහා විරුද්ධ වූ බවත් පසුව ඔහුගේ ව්‍යාපෘති නවතා දැමීමට එවකට රජය කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

ඒ අවස්ථාවේදී පැකර්ගේ පැමිණීමට එරෙහිවූ එදා මෙන්ම අදත් අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද අද නිහඩ බව ඔහු පැවැසීය.

Share on Google Plus