ජොන්ස්ටන්ගේ එතනෝල් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට.


නීතිවිරෝධී ලෙස මෙරටට එතනෝල් ආනයනය කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ කෙරවල පිටිය, වත්තල යන ලිපිනයෙහි පිහිටි ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇන්ටන් රෝබට් සේබස්තියන් මහතා ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මේ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 488/16 යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් නියෝගයක් මතය.

ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගම එම එතනෝල් භාවිතාකරමින් වයඹ ඩිසලරීස් සමාගම වෙනුවෙන් මත්පැන් නිපදවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

සුවඳවිලවුන් හා ක්ලෝන් වර්ග ගෙන්වන මුවාවෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම සමාගම විසින් 2012 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ මෙසේ එතනෝල් ආනයනය කර ඇති බවත් සතොස වාහන සහ රියදුරන් එතනොල් ප්‍රවාහනට යොදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2012 - 2014 කාලයේ සතොස ආයතනය සමූපකාර හා අභ්‍යන්තර වෙළඳකටයුතු අමාත්‍යාංශය යටතේ පැවති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි අමාත්‍ය ධුරය හොබ වනු ලැබීය.

ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ හිමිකාරිත්වයට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාගේ නම සඳහන් වී ඇති බවත්, වයඹ ඩිසලරීස් සමාගමේ හිමිකාරිත්වයට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ නම සඳහන් වී ඇති බවත් වාර්තා වේ.

Share on Google Plus