සුධර්මන් රදළියගොඩ ITN මුල්පුටුවට?


ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුධර්මන් රදළියගොඩ මහතා එම ආයතනයේ සභාපතිධුරයට පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත්, ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රදලියගොඩ මහතාට අධිකරණය හමුවේ චෝදනා කර තිබේ.

මිට දින කිහිපයකට පෙර අනුෂ පැල්පිට මහතාට රජයේ අමාත්‍යාංශයක අතිරේක ලේකම් තනතුරකට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කල අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ නියෝගයෙන් පරික්ෂණයක් ද පැවැත්වේ.

Share on Google Plus