සෙනසුරාදාට ඉරිදා බලන්න.


ඉරිදා පුවත්පත් අතරට ලබන මැයි 15 වැනිදාට තවත් පුවත්පතක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙසේ එක්වන නව පුවත්පත වන්නේ “ඉරිදා”ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මාධ්‍ය ලේකම්වරයා වූ ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරණායක මහතා එහි ප්‍රධාන කර්තෘවරයාය.

එහි කර්තෘමණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ මහතා කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අපි සුධර්මන් රදළියගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ පුවත් පත තුළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ යන්න ඉවත් කර ඇති බවයි.

සනාථකර ගන්නා පුවත් හැර කිසිදු පුවතක් පල නොකරන බව කී ඒ මහතා අනෙක් ඉරිදා පුවත්පත්වලින් ඉරිදා පත්තරය වෙනස් වන්නේ එසේ බවද කියා සිටියේය.

එසේම පක්ෂ පාට පත්තරයට නොගාවගන ගවේශනාත්මක පුවත්පත් කලාව ඉදිරියටගෙනයාමට මේ පුවත්පතෙන් උත්සාහ කරන බවද ඔහු පැවසීය.

Share on Google Plus