'ණය ගැනීමෙන් මහින්ද කප් ගහලා'


මේ රටේ නායකයින් අට දෙනෙකු ලබාගත් ණයට වඩා වැඩි ණය  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

'මේ රට නිදහස ලබා ගත්ත දා සිට ලබාගත් ණය ප්‍රමාණය බිලියන 2100ට වැඩියි. රාජපක්‍ෂ ආණ්ඩුව කළේ ඒ ණය හතර ගුණයකින් වැඩිකිරීමයි. මහින්දගේ ආණ්ඩුවේ 2005 සිට අවුරුදු 10ට බිලියන 8500ට වැඩි ප්‍රමාණයක් ණයගෙන තිබෙනවා.' යැයිද ඔහු කීවේය.



Share on Google Plus